Friday, May 27, 2011

නැඟණියනි



source


සේපාලිකා මල් හැලිලා මග දිගට
පාසැල් යන නුඹට පෑගෙනවා පයට
ආවත් එවන් බාදා නුඹ දිවි මඟට
සේපාලිකා මල මෙන් වීයන් සුවඳ


තවරා සුවඳ පළඳා අබරණ නේක
නටලා නාඩගම් මවුපියො නැති ගාන
ඉන්නා එකියලා මවනා සුර ලෝක
නැතුවට නුඹ හැඩයි හරියට සඳ ගාන


පවසා කවට බස් නෙක නෙක නරි වාද
එවලා හසුන් පත් පිට පිට පෙම් පාට
ගන්නට නුඹේ හිත එන උන් මනමාල
නොතකන් නඟේ හරි නුඹ ඔය යන පාර


අම්මා සඳයි පියතුම දිනකර දාට
 ඉර හඳේ එළියයි නුඹ මගෙ ලොවට
පතුරා සොමි ගුණය මවුගේ දායාද
හිනැහී ඉන්න පිහිටයි දළදා නුඹට


Thursday, May 19, 2011

අද


source


අතීතයේ පැසවා 
විසවූ වණය
රිදුණත් පතා කැසුවා
මොහොතක සුවය

දිවා රැයේ මැව්වා 
මිහිරැති සිහින
අනාගතේ වින්දා 
එන්නත් පෙරම

මනසේ දොර අරා
ඊයේ සහ හෙටය
අද ගෙවෙනවා
 කාටත් රහසේය

බුදු හිමි ලොව්තුරා
දෙසුමුත් මේ දහම
මවනව කසනවා 
අපි තව පුහුදුන්ය

Friday, May 13, 2011

ගමන

source


මුව හසරැලි හඬවා
කඳුලැලි ලං කරලා
මා ඔබ හැර යනවා
සිත සැනසුම සොයලා

රඳවා සිරගත කල මා
ඔබ හද සිර ගෙය අද නෑ
නවතා ලූ පියවර මා
පෙම් දම්වැල් කිසිවක් නෑ

සඳ නැති තරු මඟ කියනා
මාවත තනිවම යනවා
සීතල සුළඟක් වැදිලා
ඉනු කඳුලැලි වියලෙනවා

Related Posts Plugin for WordPress, Blogger...