Thursday, May 19, 2011

අද


source


අතීතයේ පැසවා 
විසවූ වණය
රිදුණත් පතා කැසුවා
මොහොතක සුවය

දිවා රැයේ මැව්වා 
මිහිරැති සිහින
අනාගතේ වින්දා 
එන්නත් පෙරම

මනසේ දොර අරා
ඊයේ සහ හෙටය
අද ගෙවෙනවා
 කාටත් රහසේය

බුදු හිමි ලොව්තුරා
දෙසුමුත් මේ දහම
මවනව කසනවා 
අපි තව පුහුදුන්ය

2 comments:

මතකයි මට said...

Why cannot we understand this?

Rasika Kariyawasam said...

I think hard part is applying :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...