Friday, May 27, 2011

නැඟණියනි



source


සේපාලිකා මල් හැලිලා මග දිගට
පාසැල් යන නුඹට පෑගෙනවා පයට
ආවත් එවන් බාදා නුඹ දිවි මඟට
සේපාලිකා මල මෙන් වීයන් සුවඳ


තවරා සුවඳ පළඳා අබරණ නේක
නටලා නාඩගම් මවුපියො නැති ගාන
ඉන්නා එකියලා මවනා සුර ලෝක
නැතුවට නුඹ හැඩයි හරියට සඳ ගාන


පවසා කවට බස් නෙක නෙක නරි වාද
එවලා හසුන් පත් පිට පිට පෙම් පාට
ගන්නට නුඹේ හිත එන උන් මනමාල
නොතකන් නඟේ හරි නුඹ ඔය යන පාර


අම්මා සඳයි පියතුම දිනකර දාට
 ඉර හඳේ එළියයි නුඹ මගෙ ලොවට
පතුරා සොමි ගුණය මවුගේ දායාද
හිනැහී ඉන්න පිහිටයි දළදා නුඹට


2 comments:

පන්සල් හංදිය said...

මාර ලස්සනට පද වැල් ටික ගොතලා තියනවා ........

Rasika Kariyawasam said...

බොහොම ඉස්තුතියි !!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...