Friday, March 23, 2012

තිත්ත

image-from

සිතමි ඔබ හා මා අතර හිඳ
නිසල විල බඳු උයන් තෙර ඇති
සදාදර ප්‍රෙමයක් කොහි වෙද
පරිත්‍යාගය ආත්මය වූ


ඔබට මා ප්‍රේමයෙන් සතපනු
පිණිස සිත් වන ඔබ සිතැඟි දේ
කෙළෙමි බෝ සේ ඔබත් අදහන
පෙමයැ මා සිත ඔබ කෙරේ ඇති


ඔබ නොවන වෙන තුටක් කොහි වෙද
 හට දෙන්නට මෙලොව මා දුටු
කියා ඇත්තෙමි එය ව්‍යංගෙන්
ලෙසින් මා ආදරෙයි ඔබ හට


නිසල විල අබියස උයන් තෙර
ඔබ වෙසෙස් කෙනෙකුන් නොවේ තව
ඔබද මතු නොව මාද මිරිඟුය
ආත්මය ලුහු බඳිද්දී දුටු 


8 comments:

වැසි දැරිය - The Rain Girl said...

හැමදාම වගේ ඔබේ කවි.. අපූරුයි.

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි ඇගයුමට !

සයුරි said...

//සදාදර ප්‍රෙමයක් කොහි වෙද
පරිත්‍යාගය ආත්මය වූ//

හ්ම්ම්....ලස්සන අදහසක්.

Janaranga Dewasurendra said...

ජීවිතයට ජීවිතමය සංකල්පනාවක්..අගෙයි

Rasika Kariyawasam said...

@ සයුරි
බොහොම ස්තුතියි !

@ Janaranga Wijaindu Dewasurendra
බොහොම ස්තුතියි !

ඔබය මමය කියා ආත්ම වශයෙන් ගත් විට ප්‍රේමය තවදුරටත් පරිත්‍යාගශීලි වේද. එහිම අනාත්ම ස්වභාවය වටහා ගත් විටෙක තව දුරටත් ප්‍රේමයකට ඉඩ තිබේද.

Shadow/හේමලයා said...

nice post...:)

Rasika Kariyawasam said...

thanx lot :)

හසිතා said...

"ප්‍රේමය නම් කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙක් නැතී.."

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...