Saturday, October 8, 2011

නිමේෂය

image-from


ඇස් දිහා බලං         අපි කතා කරපු        දවසකට වඩා
හිනා වෙවී උන්        අපේ වෙලා අපි       හැමදාට වඩා
දැනේ සෙනේ මේ     ගතවෙනා පුංචි    නිමේෂයේ පවා
පමා ඇයිද තව      බලං ඉන්න බැ      හිත වැටෙයි කඩා

නොමැති ඔය වදන් 
නිහඬ බව තරම්
විරහ ගීතයක් 
තියෙනවද තවත්

නොදැක ඔය නුවන්
දෑස් මත ඇඳෙයි
රැයක සිතුවමක් 
අඳුරු සායමින්

හිරුට ඉඟි කරන්
සොඳුරු සඳ නැඟෙයි
ඈත එන ඔබේ 
රුවත්  වගෙයි

4 comments:

මතකයි මට said...

හිරුට ඉඟි කරන් සොඳුරු සඳ නැගී එන තෙක් බලා හිඳිමි මම දෑස අයා...ලස්සන සිතුවිල්ලක්...

Rasika Kariyawasam said...

බොහොම තුති !!

Anonymous said...

හරිම ලස්සන පැදි පෙලක්..

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි !!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...