Wednesday, September 21, 2011

රොඩ්ඩ

source


ඇසිපිය හෙළනා මොහොතක 
සැණෙකින් ළංවී
ඇස රතු කල කාරණාව
ඈ නොම දන්නී

පොඩි කරන්න එපා දෑස
තව පෑරේවී
කඳුළු එක්ක ඔබ හඬනා
 දිය වී යාවී

නොපෙනෙන ඇස රිදවූ දේ 
සොයාම වෙහෙසී
නිදාන ඈ එය ඇසේම 
නිදන්ව ඉද්දී

කඳුළු මිඳුණු දෙකොපුල්
 හීනෙන් හිනැහෙද්දී
තිබුණා රොඩ්ඩක් ඔය නෙතු
කෙවෙනියෙහි රැඳී

ඉවත ගිය පසුද එය ඇස 
හැරදා පැරදී
දැනේවි බෝ කල් කිසිවක්
ඇති සේ ඇසෙහී

1 comments:

හසිතා said...

ඒ ඉතින් හැටිනෙ.. පරණ දේවල් ගැන හිත හිතා පසුතැවෙන එක මනුස්ස ගතියනෙ..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...