Monday, September 19, 2011

පුළුන්

source

පාවෙන සැහල්ලුව පොඩි සුළඟටත් හැමූ
හැකිලෙන දිගහැරෙන හරි පහසුවෙන් මුදු
ඵලයෙන් මිදෙන විට පිරිසිඳු සුදුම සුදු
වාගේ නොවෙද හිත අපගේ පුළුන් කපූ

සායම් කහට නෙක නෙක විසිතුරු පාට
සෝදාලන්න උගහට ගෑවුණු දාට
වාගේ තණ්හාව දැවටෙන හිත අවට
නෙක පාට ගා හිත අවලස්සන කරන

ගිනි පුපුරකට හසුවී දැවෙනා දාක
සුළඟයි සුලබ නෑ වැසි නිවනා දාහ
වෛරී ගින්න සිත් මල දවනා විටෙක
සෙවණක් වටි සුළඟින් සැඟවී ඉන්න

4 comments:

හසිතා said...

ඒ මාතෘකාවෙ‍යි කවියෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද පින්තූරෙට? මට එච්චර ඒක පැහැදිලි නෑනෙ..

Rasika Kariyawasam said...

පුලුන් රොදකින් මිනිස් හිතක තියෙන ලක්ෂණ නිරූපණය කරන්නයි උත්සහ කලේ. උපමාව මාතෘකාවටත් උපමාවට ලක් උන "හිත" පින්තූරයටත් යොදා ගත්තා. හිතේ පින්තුරයක් නොලබුනු නිසා හිතන පින්තුරයක් භාවිතා කලා.

හසිතා said...

ආ, දැන්නම් පැහැදිලි උනා. පින්තූරෙන් පෙන්නන්නෙ කල්පනා කරන මනුස්සයෙක් නෙ.. ඒ වුනාට ඒක ටිකක් සන්කීර්ණයි වගේ නේද? :)

Rasika Kariyawasam said...

හිත කියන්නෙත් බොහොම සංකීර්ණ දෙයක්නෙ :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...